ජෝ බයිඩන්ගෙන් ට්‍රම්ප්ට ඇරැයුමක්
ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සුබ පැතුවේය.
තමන් හමුවීමට ධවල මන්දිරයට පැමිණෙන්නැයි බයිඩන්, ජනාධිපති ධුරයට තේරී පත් වුණු ට්‍රම්ප්ට ඇරැයුම් කළ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ට්‍රම්ප්ගේ එම ජයග්‍රහණය තහවුරු කිරීම සහ ඔහු 47 වැනි ජනාධිපති ලෙස පිළිගැනීම සිදුවනු ඇත්තේ ලබන 2025 ජනවාරි 4 වැනිදා කොංග්රස් මණ්ඩලය රැස්වෙමිනි. ට්‍රම්ප් නව ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ 20 වැනිදාය.
එතෙක් එලැඹෙන මාස දෙකක කාලය, සංක්‍රාන්ති සමයක් ලෙස සැලකෙයි. බයිඩන් පරිපාලනයට සම්බන්ධ නිලධාරීන්, ඉදිරියේ දී ට්‍රම්ප් පරිපාලනයට සම්බන්ධ වන නිලධාරීන් අතරේ නිරන්තරයෙන් හමුවීම් සහ සාකච්ඡා ඉදිරි මාස දෙක තුළ දී පැවැත්වෙයි.
මේ අතර, ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩිමොක්රටික් පාක්ෂික බැරැක් ඔබාමා ද, යළි ජනාධිපති ධුරයට පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පැතූ බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)