ජෝ බයිඩන් ආසියානු සංචාරයක් අරඹයි



ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් හෙට (19) ආසියානු සංචාරයක් ආරම්භ කරමින් දකුණු කොරියාවේත්, ඉන්පසු ජපානයේත් සංචාරය කිරීමට නියමිතය.

දකුණු කොරියාවේ නව ජනාධිපති ලෙස එම ධුරයට පත්වුණු යූන් සුක් ඉයොල් ට සුබ පැතුම් එක් කරමින් ජනාධිපති බයිඩන් දකුණු කොරියාවට පැමිණෙනු ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ අතර, බයිඩන්ගේ සංචාරයට සමගාමීව උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කිරීමට සූදානමින් පසුවන බව පැවැසෙයි.

දකුණු කොරියාවේ නව ජනාධිපති යූන් සුක් ඉයොල් සහ ජනාධිපති ජෝ බයිඩන් අතරේ උතුරු කොරියාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

(රොයිටර්)


RECOMMEND POSTS