ජොන්සන් යුක්රේන පාර්ලිමේන්තුව අමතයි



බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, වීඩියෝ තාක්ෂණය ඔස්සේ යුක්රේන පාර්ලිමේන්තුව ඇමැතුවේය. රුසියන් ආක්‍රමණයට එරෙහිව සටන් වදින යුක්රේන හමුදාවට පවුම් මිලියන 300 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 376) වටිනා යුදෝපකරණ ලබා දීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් එම අවස්ථාවේදී පොරොන්දුවක් ලබා දුන්නේය.

රුසියන් ආක්‍රමණය ආරම්භ වීමෙන් පසු, යුක්රේන පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළ පළමු විදෙස් රාජ්‍ය නායකයා වන්නේ  ද බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයාය. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය.

රුසියන් හමුදා සමඟ සටන් වදින යුක්රේන හමුදා සොල්දාදුවන්ගේත්, සිවිල් වැසියන්ගේත් ධෛර්යය සහ වීරත්වය ඇගයීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් පියවර ගත්තේය. රුසියන් හමුදාවලට එරෙහිව සටන් වදින යුක්රේන වැසියන් ‘සිංහයන්’ ලෙස හැඳින්වීමට ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අමතක නොකළේය.

(රොයිටර්)


RECOMMEND POSTS