ජුලියන් ඇසෙන්ජ් අත්අඩංගුවට

වසර 7 ක් පුරාවට ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවරණය ලැබ සිටි විකිලික්ස් නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ් අත්අඩංගුවට ගැනීමට ලන්ඩන් පොලිසිය සමත් වී ඇතැයි වාර්තා වේ.
ඇමෙරිකාවේ යුදසහ රාජ්‍ය රහස් සිය විකිලීක්ස් වෙබ් අඩවිය හරහා ලොවට හෙලි කළ තැනැත්තා ඇසෙන්ජ්ය. මොහු ඕස්ටේ්රලියානුවෙකි. ඇමෙරිකාවේ අත්අඩංගුවෙන් බේරී ලන්ඩන් නුවර සිටිද්දී, ඇසෙන්ජ්ට ස්වීඩන කාන්තාවන් දෙදෙනකු දූෂණය කළැයි චෝදනා නැගුණි. (පසුව එම චෝදනා ඉවත දැමුණු බව වාර්තා විය.)
ස්වීඩනයෙන් එල්ල වන එම අසත්‍යයක් බවත්, ඇමෙරිකාව ස්වීඩනයේ උදව්වෙන් තමන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගන්නවා යැයි පැවැසූ ඇසෙන්ජ්, ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන එක්වදෝරයේ සහාය පැතුවේය.
ඇසෙන්ජ් ලන්ඩන් පොලිස් අත්අඩංගවෙන් බේරී ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයට ගියේය. එදා සිට වසර 7 ක් තිස්සේ ඇසෙන්ජ් තානාපති කාර්යාලයට කොටු වී ජීවත් වූයේය. එම වසර 7 පුරාවට ඔහු පිටතට පැමිණියහොත් අත්අඩංගුවට ගැනීමට ලන්ඩන් පොලිස් කණ්ඩායමක් සූදානමින් සිටියේය.
පසුගිය දා එක්වදෝර් තානාපති කාර්යාලය පමණක් නොව, ජනාධිපති ලෙනින් මොරේනෝ ද චෝදනා නගන්න වූයේ, ඇසෙන්ජ් තම ලන්ඩන් තානාපති කාර්යාලයේ රැඳී සිටිමින්, එක්වදෝරය ගැන ඔත්තු බැලූ බවටය. එසේ ඔත්තු බැලීම හරහා ඇසෙන්ජ් වරදක් කළ බවත්, ඔහුට තවදුරටත් ආරක්ෂාව හෝ රැකවරණ දීම එක්වදෝර් රජයට කළ නොහැකි බවත්ය.
බි්රතාන්ය අභ්‍යන්තර කටයුතු ලේකම් සජීද් ජාවද් මාධ්‍ය හමුවේ කියා සිටියේ ජුලියන් ඇසෙන්ජ් අත්අඩංගුවට ගත් බවත් ඔහු නීතිය හමුවට පමුණුවන බවත්ය.
(බී.බී.සී.)

