ජීවත් වීමට සුදුසුම නැති රට හොන්ඩුරාස් රාජ්ය බව නවතම සමීක්ෂණයකින් හෙළිවේ

පරිසරවේදීන්ට හා පරිසර හිතකාමී පුද්ගලයින්ට ජීවත් වීමට වඩාත්ම සුදුසු නැති රට හොන්ඩුරාස් රාජ්ය බව ලෝක ආහාර සංවිධානයේ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
ගංගා, වනාන්තර හා තෙත් බිම් ආරක්ෂා කිරීම සඳහා සටන්වැදී සිටි පරිසරවේදින් 120කට ආසන්න පිරිසක් 2010 වසර තුළ ඝාතනයට ලක්ව තිබෙනවා. රජයේ හෝ පෞද්ගලික ආයතනවල මැදිහත්වීමෙන් සිදු කරන පතල් කැණීම්වලට එරෙහිව හඬ නැගූ පරිසරවේදීන් රැසක් ද ඝාතනය වූ පිරිසට ඇතුළත්.
ලෝක ආහාර සංවිධානය පවසන්නේ ලතින් ඇමෙරිකා කලාපයේ දුප්පත් රටවල් අතුරින් තුන්වන ස්ථානයේ පසුවන්නේ හොන්ඩුරාස් රාජ්ය බවයි. පවත්නා ස්වාභාවික සම්පත්වලින් එම රාජ්ය සමන්විත බව ද එම සංවිධානය තවදුරටත් පෙන්වා දෙනවා.
( තිළිණි ද සිල්වා )
ගල්ෆ් ටයිම්ස් ඇසුරෙනි....


