ජායිපූර් බෝම්බකරුවන්ට මරණ දඬුවම
මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට කුප්‍රකට ජායිපූර් බෝම්බ ප්‍රහාර මාලාවේ චූදිතයන් හතර දෙනෙකු වැරැදිකරුවන් බවට තීන්දු කළ රාජස්ථාන් විශේෂ අධිකරණය ඔවුන්ට අද(18) මරණ දඬුවම නියම කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
අනීතික ක්‍රියා වැලැක්වීමේ පනත හා පුපුරණ ද්‍රව්‍ය පනත යටතේ ගොනු කළ චෝදනා අනුව මොහොමඩ් සයිෆ්, සෆ්රාහ්මන්, සර්වාර් අස්මි හා මොහොමඩ් සල්මාන් මෙසේ වැරැදිකරුවන් හැටියට නම් කෙරුණෝ වෙති.
ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ අගනුවර වන ජායිපූර්හි 2008 මැයි 13 වැනිදා මිනිත්තු 15ක් ඇතුළත ස්ථාන අටක සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් 71 දෙනකුට මරු කැඳවමින් 185 දෙනකුට තුවාල කිරීමට එරෙහිව මෙම නඩුව විභාග විය.
ඉන්දියාවේ රෝස නුවර හැටියට සුප්‍රකට ජායිපූර් එරට දස වැනි විශාලතම නගරය මෙන්ම පළමු සැලසුම් කළ නගරය හැටියට ද සැලකේ.
ඉන්දීය පුවත් සේවා ඇසුරිනි
බිඟුන් මේනක ගමගේ

