ජාතික දිනයට කොඩිය ඔසවනවා විතරයි

ඇමෙරිකාව, ඊශ්රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් උද්ගතව ඇති ගෝලීය තෙල් අර්බුදය සැලකිල්ලට ගනිමින්, එළඹෙන 23 වැනිදාට යෙදෙන පාකිස්තාන ජනරජ දින යුද හමුදා පෙළපාලිය සහ සියලු උත්සව අවලංගු කිරීමට පාකිස්තාන රජය ඊයේ (19) තීරණය කළේය.
පාකිස්තාන අග්රාමාත්ය ෂෙහ්බාස් ෂරීෆ් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නේ පවතින ආර්ථික දුෂ්කරතා සහ ඉන්ධන අර්බුදය හමුවේ රජය විසින් ප්රකාශයට පත් කරන ලද අරපිරිමැස්මේ ක්රියාමාර්ගයක් ලෙස මෙම තීරණය ගත් බවය.
යුද ශක්තිය පෙන්වන දැවැන්ත යුද හමුදා පෙළපාලි වෙනුවට ඉතාමත් චාම් අයුරින් ප්රධාන ජනරජ දින සැමරුම පැවැත්වෙනු ඇති බවත්, ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කිරීම පමණක් එම අවස්ථාවේදී සිදුවනු ඇති බවත් අග්රාමාත්යවරයා වැඩි දුරටත් පවසා ඇත.

