ජාත්‍යන්තර සමුළුවක් අතරතුරදී මැරී වැටෙයි



ස්කොට්ලන්ත රජයේ හිටපු ප්‍රධානියෙකු වන ඇලෙක්ස් එළියට් ඇන්ඩර්සන් සැල්මන්ඩ් උතුරු මැසිඩෝනියාවේ ජාත්‍යන්තර සමුළුවක සිය දේශනය අවසන් කර දිවා ආහාරය ගැනීමට යෑමේදී මැරී වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මියයන විට ඔහු 69 වැනි වියේ පසුවිය.ඔහු සහභාගීවූ ජාත්‍යන්තර සමුළුවේ දේශනය අවසන් කර ඉනෙක්ස් ඔල්ගිකා හෝටලයේ දිවා ආහාරය ගැනීමට යෑමේදී  එරට වේලාවෙන් පස්වරු 3.30 ට පමණ ඇලෙක්ස් සැල්මන්ඩ් සිහිසුන්ව ඇද වැටී ඇති බවත් ඔහු ඇද වැටී ඇත්තේ මියගොස් බවත් උතුරු මැසිඩෝනියා රජය නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.

ඇලෙක්ස් සැල්මන්ඩ්ගේ මරණය පිළිබඳ ඔහු නියෝජනය කළ ස්කොට්ලන්ත ඇල්බා පක්ෂය නිවේදනය කරමින් ප්‍රකාශ කර සිටියේ ඇලෙක්ස්ගේ මරණය හෘදයාබාධයක් නිසා සිදුවන්නට ඇතැයි විශ්වාස කරන බවයි. ඔහු 2007 - 2014 කාලය තුළදී ස්කොට්ලන්ත රජයේ ප්‍රධානියා ලෙස එරට පළමු අමාත්‍ය ධුරය දැරුවේය. ඔහු ස්කොට්ලන්තය නිදහස කර මෙහෙයවූ අයෙක් ලෙසද සැලකේ.

ඔහුට වරකදී දුෂණය කිරීමට තැත් කිරීම ඇතුළුව චෝදනා 13 ක් එල්ල වූ අතර මහාධිකරණයට එම චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් වී සති දෙකකට පසුව ඇලෙක්ස් එම චෝදනාවලින් නිදහස ලැබුවේය. ඔහු ස්කොට්ලන්ත දේශපාලනඥයෙක්, ආර්ථික විද්යාඥයෙක් සහ රූපවාහිනී නිවේදකයෙක් ලෙසද කටයුතු කළේය.

තමන් සහ බිසව ඇලෙක්ස්ගේ මරණය අසා අතිශය කම්පාවට පත්වූ බව ඇලෙක්ස්ගේ මරණය සම්බන්ධයෙන් තෙවැනි චාල්ස් රජු ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.


RECOMMEND POSTS