ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අරමුදල් නවත්වයි



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF සංවිධානය ඇෆ්ගනිස්ථානය වෙත අරමුදල් සැපයීම තාවකාලික ලෙස අත්හිටුවා තිබේ.

ඒ අනුව එම අරමුදල විසින්  මේ මාසයේ ලබාදෙන්නට නියමිත ව තිබූ බ්‍රිතාන්‍ය පවුම් මිලියන 268 ක මූල්‍ය ප්‍රදානයද මේ අනුව අත්හිටුවා ඇත.

සිය රටට ලබාදෙන ආධාර මුදල් නතර නොකරන ලෙසට තලෙයිබාන් සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කර තිබෙන අතරවාරයේදී  මෙම තීරණය ගෙන ඇති අතර ඒ සමගම මේ වන විට ඇෆ්ගනිස්ථානය වෙත අරමුදල් ලබාදීම අත්හිටවා ඇති අන්තර්ජාතික සංවිධාන ගණනාව අතරට ඔවුන් ද එක් වේ.

ඇෆ්ගනිස්ථානයේ රාජ්‍යත්වය සහ ආණ්ඩුව අන්තර්ජාතික ප්‍රජාව විසින් පිළිගැනීමට ලක් කිරීමේ පවතින බරපතළ ගැටළුකාරී බව උත්සන්න වෙමින් තිබේ. මෙහිදී වැදගත් කරුණක් වන්නේ මේ වන විට ඇෆ්ගනිස්ථානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 42.9 ක් ලැබෙනුයේ විදේශ අරමුදල් ප්‍රදානයන් මගින් වීම විශේෂත්වයකි‍

( ද ගාඩියන්)


RECOMMEND POSTS