ජාත්‍යන්තර කාන්තා දිනය අද



ජාත්‍යන්තර කාන්තා දිනය අදට (8) යෙදී තිබේ.

1908 වසරේදී වැඩ කරන පැය ගණන සීමා කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් අමෙරිකාවේ නිව්යෝක් නුවරදී පැවැති පා ගමනකින් පසු පළමු වරට ජාතික කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කෙරුණි.

එය ජාත්‍යන්තර කාන්තා දිනයක් බවට පත් කෙරුණේ 1975 වසරේදී ය. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානය එය නිල වශයෙන් පිළිගනු ලැබීමත් සමඟය.

ඇතැම් රටවල ජාතික නිවාඩු දිනයක් ලෙස ද අද දිනය නම් කර තිබේ. කාන්තාවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කෙරේ.

අද (8) යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, ගූගල් වෙබ් අවඩිය, ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රයට අදාල සිතුවම වෙනස් කර තිබුණි. ඒ, ඉහළට ඔසවා අල්ලා ගත් කාන්තා අත්වලිනි.


RECOMMEND POSTS