ජර්මනියේ ප්‍රාණඇපකරු සිද්ධිය අවසන්



ජර්මනියේ හැම්බර්ග් නුවර, ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රාණ ඇපකරු සිද්ධිය අවසන් බවත්, සිද්ධියට අදාල 35 හැවිරිදි පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවත් ජර්මන් පුවත් සේවා වාර්තා කර තිබේ.

එම තැතැත්තා සමඟ සිටි සිවු හැවිරිදි ඔහුගේ දියණිය පොලිස් බාරයට ගෙන ඇති බවත් ඇයට කිසිදු අනතුරක් නොමැති බවත් පොලිසිය පැහැදිලි කර තිබේ.

ප්‍රාණ ඇපකරු සිද්ධිය ආරම්භ වූයේ තරුණයා සිය මෝටර් රථයෙන් ගුවන්තොටුපොළට කඩා වැදී ගුවන් යානයක් හරස් කිරීමත්, ගුවන්තොටුපොළේ කටයුතුවලට බාධා කිරීමත් සමඟය.

පොලිසිය එම තරුණයා සමඟ පැය 18 ක් සාකච්ඡා පවත්වා අවසානයේ ඔහු යටත් කර ගැනීමට සමත් වූ බව ද පැවැසෙයි. මෝටර් රථයෙන් පිටතට ආ තරුණයා කිසිදු විරෝධතාවක් නොමැතිව පොලිසියට බාර වූ ද ජර්මන් මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබේ.


RECOMMEND POSTS