ජර්මනියෙත් කොරෝනා

ජර්මනියේ 33 හැවිරිදි තරුණයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත්, මෙම තරුණයා චීනයට නොගිය අයකු බවත් පැවැසෙයි.
චීනයට නොගියත් මොහු චීනයේ ෂැංග්හායි නුවරින් පැමිණි තරුණියක සමඟ බැවේරියාවේ සමුළුවකට සහභාගී වී ඇත. ඒ මීට සති දෙකකට පමණ පෙර යැයි ජර්මන් සෞඛ්‍ය බලධාරීන් මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.
තරුණයා නිරෝධායනය කර ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගත් බවත්, තරුණයා සහ තරුණිය සමීප සම්බන්ධතා පැවැත්වූ සෙසු පුද්ගලයන් හඳුනා ගනිමින් ඔවුන් ගැන විමසිල්ලෙන් පසුවන බවත් ජර්මන් සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.
බර්ලීන් නුවරදීය (රොයිටර්)

