ජර්මන් මැතිවරණයෙන් විපක්ෂය ජය ගනී



ජර්මන් චාන්සල් ධුරය හෙබවූ ඇන්ජෙලා මර්කල්ගේ විශ්‍රාම යෑමත් සමඟ පැවැති ෆෙඩරල් මැතිවරණය ජයග්‍රහණය කිරීමට එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමත් විය.

ඒ අනුව, ජර්මනියේ නව චාන්සල්වරයා ලෙස එම ධුරයට පත් වනු ඇත්තේ මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයේ නායක 63 හැවිරිදි ඕලෆ් ෂොල්ස් ය.

ආසන 735 කින් සමන්විත ජර්මන් පාර්ලිමෙන්තුව හැඳින්වෙන්නේ 'බුන්ඩස්ටාග්' (රයිස්තාග්) සභාව යනුවෙනි. ෆෙඩරල් මැතිවරණය පැවැත්වූයේ 'බුන්ඩස්ටාග්' මන්ත්‍රණ සභාවට නියෝජිතයන් පත් කර ගැනීමට මෙන්ම ජර්මනියට නව චාන්සල්යරයකු පත් කර ගැනීම සඳහාය.

මැතිවරණය ජයග්‍රහණය කළ මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 206 ක් දිනා ගත්තේය. ඔවුන් ඔවුන්ට හිතවාදී සෙසු පක්ෂ සමඟ එක් වී නව රජයක් පිහිටුවන බව ප්‍රකාශයට පත් කර තිබේ.

මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙසේ ජර්මනියේ බලයට පත් වූයේ 2005 වසරෙන් පසුව වීම ද විශේෂත්වයකි.

(රොයිටර්)


RECOMMEND POSTS