ජර්මන් චාන්සල්වරියට අකරතැබ්බක්



‘ජී 20’ සමුළුව ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් නුවරදී පැවැත්වුණු අතර, ඊට සහභාගීවීමට යමින් සිටි ජර්මන් චාන්සල්වරිය අකරතැබ්බකට මුහුණ දුන්නාය.

ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් අකරතැබ්බට මුහුණ දුන්නේ ඇයගේ නිල ගුවන් යානයේ දෝෂයක් හට ගැනීම නිසාය. එය තාක්ෂණික දෝෂයක් බව පසුව හඳුනා ගැණින.

දෝෂය හටගෙන ඇත්තේ චාන්සල්වරිය වෙනුවෙන් වෙන් කළ එයාර්බස් ඒ 340-300 යානය බර්ලීන් නුවරින් ගුවන්ගත වී මිනිත්තු කීපයක් ගත වෙද්දීය.

ඒ වනවිට යානය නෙදර්ලන්තයට ආසන්න වි තිබුණි. කෙසේ නමුත් ජර්මන් චාන්සල්වරියට වෙනත් ගුවන් යානයක් ලබා දීමට අවශ්‍ය වූ බැවින්, යානය ආපසු හරවාගෙන බටහිර ජර්මනියේ කොලෝන් නුවර ගුවන්තොටුපොළට හදිසි ගොඩ බෑමක් කිරිමට නියමුවෝ කටයුතු කළහ.

නියමු දස්කමින් චාන්සල්වරියට හෝ යානයේ සිටි ඇගේ කාර්ය මණ්ඩල සහ ආරක්ෂක සාමාජිකයන්ට හෝ අනතුරක් නොවුණු බව ද පැවැසෙයි.

චාන්සල්වරිය වෙනුවෙන් වෙනත් ගුවන් යානයක් සූදානම්ව තැබුණු අතර ඇය බුනර්නෝස් අයර් නුවර බලා යද්දී, ජී 20 රාජ්‍ය නායක සමුළුවේ ආරම්භක සැසිය අවසන් වී තිබුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

 (රොයිටර්ස්)


RECOMMEND POSTS