ජර්මන් ගිය සිරියානු තරුණයා ෆේස්බුක්වලට එරෙහිව නඩු දමලා

2015 වසරේ දී, ජර්මනියට පැමිණීමෙන් පසු, ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් හමුවුණු අවස්ථාවක ඇය සමඟ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටි සිරියානු සරණාගත තරුණයා 19 හැවිරිදි අනාස් මොඩාමානී මේ වනවිට ෆේස්බුක් වෙබ් ජාලයට එරෙහිව නඩු මඟට පිවිස සිටී.
එම ඡායාරූපය යොදා ගනිමින්, ෆේස්බුක් ගිණුම් කිහිපයක පළ වී ඇත්තේ අනාස් මොඩාමානී සිරියාවෙන් පැමිණි ත්‍රස්තවාදියකු කියාය.
පසුගිය වසරේ බ්‍රසල්ස් නුවර ත්‍රස්ත ප්‍රහාරයට අනාස් මොඩාමානී සම්බන්ධ බවට අසත්‍ය ප්‍රචාරයක් ද ෆේස්බුක් වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධියට පත්ව ඇතැයි වාර්තා වේ.
ෆේස්බුක් හරහා සිරියානු සරණාගතයකු වන තමාගේ ප්‍රතිරූපයට හානියක් සිදුවුණු බව අනාස් මොඩාමානී වැඩි දුරටත් කියා සිටී.
(ප්‍රෙස් ටීවී)


