ජර්කාන්ද් මැතිවරණයෙන් මෝදි පරදී
ඉන්දියාවේ ජර්කාන්ද් ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල අද (23) නිකුත් වූ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂයට අත්වූයේ පරාජයකි.
ජර්කාන්ද් යනු භාරතීය ජනතා පක්ෂය සතුව පැවැති ප්‍රාන්තයකි. භාරතීය ජනතා පක්ෂය මෙම ප්‍රාන්තයේ බලය රඳවාගෙන සිටියේ 2014 වසරේ සිටය.
මැතිවරණ ප්‍රතිඵලවලින් අනුව, කොංග්රස් පක්ෂය ප්රමුඛ විපක්ෂ සන්ධානය ජයග්‍රහණය කර ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
රංචිහිදීය (එන්.ඩී.ටීවී.)

