ජපානයේ නව අගමැති සනායි තකයිචි දිවුරුම් දෙයි



ජපානයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස සනායි තකයිචි, එරට පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නව නායිකාව දිවුරුම් දුන්නාය. ඒ ජපන් පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් පැවැත්වීමෙන් අනතුරුවය.

එම සැසිය අතරතුරේ, නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට සනායි තකයිචි ට ඉඩ දී අග්‍රාමාත්‍ය ධුරය දැරූ ෂිගෙරු ඉෂිබාගේ සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්විය. ඉෂිබා ද ඉල්ලා අස්වීම බාර දුන්නේය.

ජපාන අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයා හෝ නායිකාවටය. තකයිචි, පක්ෂ නායකත්වයට පත් වූයේ පක්ෂ සාමාජිකයන්ගේ ඡන්දයෙනි. 

ඉල්ලා අස්වූ ඉෂිබා වෙනුවට අග්‍රාමාත්‍ය ධුරය සඳහා ආදේශ කිරීමසඳහා ඡන්ද විමසුමක් පැවැත්විණි. එහිදී බහුතර ඡන්දයන්, සනායි තකයිචිට අග්‍රාමාත්‍ය ධුරය සඳහා අනුමැතිය හිමිවිය. ඒ අනුව, ජපාන අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වුණු ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය වන්නේ සනායි තකයිචිය.


RECOMMEND POSTS