ජපන් රතු හමුදාවේ නායිකාව හිරෙන් නිදහස්

ජපාන රකු හමුදාවේ නායිකා ෆුසාකෝ ෂෙයිජෙනබූගේ විසි වසරක සිර දඩුවම අවසන් විය.
නිදහස ලබා එළියට පැමිණි 76 හැවිරිදි ෆුසාකෝ, මාධ්‍ය හමුවේ පෙනී සිටිමින්, ජපාන වැසියන්ගෙන් සමාව ඉල්ලීමක් ද කළාය. ඒ, අහිංසක ජපන් වැසියන්ට තමන් නිසා හිරිහැර කරදර සිදුවීම සම්බන්ධයෙනි. නිදහස ලැබූ ෆුසාකෝ, පිළිගැනීමට ඇගේ දියණිය මෙන්ම මාධ්‍යවේදීන් කණ්ඩායමක් ද පැමිණ සිටි බව වාර්තා වේ.
ෆුසාකෝ යනු අන්තවාදී අදහස් ඇති මානව ක්‍රියාකාරිනියක යැයි පැවැසෙයි. ඇය පලස්තීනුවන්ට සිදුවන අසාධාරණකම් වෙනුවෙන් සහ ඔවුන්ට ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් 70 සහ 80 දශකයේ හඩ නැගු චරිතයකි.
ඇය රතු හමුදාව නමින් වාමාංශික සන්නද්ධ කණ්ඩායමක් පිහිටුවා ගත් අතර, ඔවුහු පලස්තීනුවන්ගේ අයිතීන් වෙනුවෙන් ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීම්, ගුවන් යානා පැහැර ගැනීම් ආදිය සිදු කළහ. ෆුසාකෝ, පසුගිය විසි වසරක කාලයේ සිරදඩුවම් වින්දේ එම අපරාධ සම්බන්ධයෙනි.
ෆුසාකෝ රතු හමුදාව පිහිටුවූයේ 1971 වසරේ ලෙබනනයේ සංචාරය කර ආපසු පැමිණි අවස්ථාවේදීය. රතු හමුදාවට ඊශ්‍රායල විරෝධී පලස්තීන සටන්කාමීන් පවා සම්බන්ධ විය. 1970 දශකයේ, රතු හමුදාව බිහිසුණු සන්නද්ධ කල්ලියක් ලෙස සැලකිණි. එදා රතු හමුදා නායිකාව ලෙස ෆුසාකෝ ජපානයේ බිහිසුණු කාන්තාව ලෙස නම් කෙරුණි.
(රොයිටර්)

