ජපන් අගමැතිට දුම් බෝම්බ ප්රහාරයක්

ජන හමුවකට සහභාගී වෙමින් සිටියදී ජපාන අග්රාමාත්ය ෆුමියෝ කිෂිඩා වෙත දුම් බෝම්බ ප්රහාරයක් එල්ල විය.
දුම් බෝම්බ ප්රහාරයෙන් කාටවත් අනතුරක් සිදු නොවුණු අතර ආරක්ෂක නිලධාරීන් යුහුසුළු වී, අග්රාමාත්යවරයා ආරක්ෂිත ස්ථානයට රැගෙන යෑම සිදුවිය.
දුම් බෝම්බයක්, මහා හඬකින් පිපිරෙයි. එයින් නිකුත් වන්නේ දීප්තිමත් ආලෝකයක් සහ දුම පමණය. එහෙයින් අග්රාමාත්යවරයාට පමණක් නොව, වෙනත් කිසිවකුට හෝ අනතුරක් සිදුවූයේ නැත.
දුම් බෝම්බය අග්රාමාත්යවරයා දෙසට විසි කළ තැනැත්තා පොලිසිය මැදිහත් වී අල්ලා ගත් බව පැවැසෙයි. ඔහු 24 හැවිරිදි රූජි කිමෝරු නමැත්තාය. සැකකරු දුම් බෝම්බයක් අග්රාමාත්යවරයා වෙත දමා ගැසුවේ ඇයිදැයි යන්න මෙතෙක් පැහැදිලි නැති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පැවැත්වෙන බවත් වාර්තා වේ.
(බීබීසී)

