ජපන් අගමැති ඇමෙරිකාවට



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සාකච්ඡා පැවැත්වීමට, ජපාන අග්‍රාමාත්‍ය ටකයිචි සැනේ වොෂින්ටනයට පැමිණියාය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජපන් අග්‍රාමාත්‍යවරිය රැගත් නිල ගුවන් යානය  රාත්‍රී 10:00 ට පමණ වොෂින්ටන් පිහිටි ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරකට ළගා වූ බවය.

ට්‍රම්ප් සහ අග්‍රාමාත්‍ය ටකයිචි සැනේ අතරේ සාකච්ඡා ධවල මන්රෙයේ දී පැවැත්විණි. ධවල මන්දිරයට පැමිණි ජපන් අග්‍රාමාත්‍යවරිය උණුසුම් ලෙස පිළිගැනීමට ට්‍රම්ප් අමතක කළේ නැත. ජපන් අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද සංවිධානය කර තිබුණි.

රාජ්‍ය නායකයන් දෙදෙනාගේ ප්‍රධාන මාතෘකාව වූයේ ඉරානය සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදයයි. ටෝකියෝ නුවරින් පිටත්වීමට පෙර මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ජපන් අග්‍රාමාත්‍යවරිය පැවැසුවේ, හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය වහාම සමනය කිරීම අරමුණු කර ගනිමින් තමන් ට්‍රම්ප් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පවත්වන බවය.


RECOMMEND POSTS