ජනාධිපති ජෝ බයිඩන්ට 80 යි



ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ 80 වැනි ජන්ම දිනය ඊයේ (20) ට යෙදී තිබුණි. ඇමෙරිකාවේ වසස්ගතම ජනාධිපති ලෙස සැලකෙන්නේ ජෝ බයිඩන්ය.

බයිඩන් ජනාධිපති ධුරයට පත් වෙද්දී ඔහුගේ වයස අවුරුදු 79 ක් විය. ජනපති ධුරය හොබවන ජනාධිපතිවරයකු 80 වැනි ජන්ම දිනය සැමරූ පළමු අවස්ථාව වන්නේ මෙය යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

බයිඩන්ගේ 80 වැනි ජන්ම දිනය වෙනුවෙන් උපන් දින සාදයක් සැලසුම් නොකළ බවත්, ජනාධිපතිවරයා, බිරිඳ ජිල් සහ පවුලේ සාමාජිකටන් සමඟ උපන් දිනය සතුටින් ගත කළ බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS