ජනපතිවරණයට ඉන්දු-ඇමෙරිකා කාන්තාවක්

වසර 2020 දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී, ජනාධිපති ධුර අපේක්ෂිකාවක ලෙස, ඩිමොක්රටික් පක්ෂය නියෝජනය කරන බව 37 හැවිරිදි තුල්සි ගැබ්ඩාර්ඞ් පවසයි.
තුල්සි ගැබ්ඩාර්ඞ් ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානු ජාතික කාන්තාවකි. ඇය මේ වනවිට ඩිමොක්රටික් බහුතර බලයක් සහිත නියෝජිත මන්ත්රී මණ්ඩල සාමාජිකාවකි. ඇය නියෝජනය කරන්නේ හවායි දූපත් ය. හවායි දූපත් ඇමෙරිකාවේ කොටසකි.
තුල්සි ගැබ්ඩාර්ඞ් හමුදා සෙබළියකි. ඇය ඉරාක යුද්ධයට සම්බන්ධ වූ අයෙකි. එපමණක් නොව හින්දු ජාතික කාන්තාවක වන ඇය ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) ට තේරී පත් වුණු පළමු ඉන්දු ජාතික කාන්තාව ද වන්නීය.
(රොයිටර්ස්)

