ජනපති මූන් ජේ ඉන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ජය



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය මැද ඊයේ (15) පැවැති දකුණු කොරියානු මහ මැතිවරණයෙන් ජනාධිපති මූන් ජේ ඉන්ගේ පාලක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට හිමිවිය.

මැතිවරණයේ ප‍්‍රතිඵල අද (16) නිකුත් විය. ඒ අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයය ප‍්‍රමුඛ සන්ධානයට ආසන 180 කට වඩා හිමි විය. දකුණු කොරියා පාර්ලිමේන්තුවේ ආසන 300 කි. බහුතර බලය සඳහා ආසන 150 කට වඩා දිනා ගැනීම කළ යුතු විය.

2022 දී දකුණු කොරියාවේ ජනාධිපතිවරණය පැවැත්වෙයි. මෙම මැතිවරණය ජනාධිපති මූන් ජේ ඉන් සහ ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ජනපි‍්‍රයත්වය උරගා බැලීමක් වූ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

සෝල්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS