ජනපති මන්දිරය අසල බෝම්බ පිපිරේ



අප්‍රිකා රාජ්‍යයක් වන සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ජනාධිපති මන්දිරයට නුදුරින් බෝම්බ දෙකක් පුපුරා යෑමෙන් 18 ක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 20 කට වැඩිය.

පළමු බෝම්බය පුපුරා මිනිත්තු කීපයක් ගත වෙද්දී දෙවැන්න පුපුරා ගියේ යැයි පැවැසෙයි. පළමු බෝම්බය මරාගෙන මැරෙන කාර් බෝම්බයකි. බෝම්බය පොලිස් සහ හමුදා මුරපොළක් අසල පුපුරා ගියේය. බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර සෝමාලියා මාධ්‍යවේදීහු කිහිප දෙනෙක් ද වෙති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS