ජනපති බයිඩන් යුරෝපයේ



ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු, සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ජෝ බයිඩන් යුරෝපය බලා පැමිණ සිටී. සංචාරයේ පළමු නැවැතුම වූයේ මහා බ්‍රිතාන්‍යයයි.

ජනාධිපති ජෝ බයිඩන්ගේ අට දින මෙම විදෙස් සංචාරයේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ, හෙට (11) බ්‍රිතාන්‍යයේ ආරම්භ වන ලෝකයේ ධනවත් රටවල එකමුතුව හෙවත් 'ජී7' සමුළුවට සහභාගීවීමය.

ඇමෙරිකන් ජනාධිපති ලෙස ජෝ බයිඩන් සහභාගී වන පළමු 'ජී7' සමුළුව මෙයයි. හෙට (11) සිට 13 වැනිදා තෙක් පැවැත්වෙන්නේ 47 වැනි 'ජී 7' සමුළුවය.

බයිඩන් පමණක් නොව, ඔහුගේ බිරිඳ මෙන්ම ජනාධිපති ආර්යාව ද වන ජිල් බයිඩන් ද මෙම සංචාරයට එක් වී සිටී. ඊට අමතරව, බයිඩන්ගේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් ද සංචාරයට සහභාගී වෙයි.
බයිඩන් ඇතුළු පිරිස රැගත් 'එයාර් ෆෝස් 1' නිල ගුවන් යානය කෝන්වෝල්, නියුකී ගුවන්තොටුපොළට ගොඩබෑවේය. ඇමෙරිකන් ජනාධිපතිවරයා සහ බිරිඳ පිළිගැනීම සිදුවූයේ රාජකීය ගුවන් හමුදාවේ ගෞරව මැදය.

බ්‍රිතාන්‍ය සංචාරයේ දී ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ඔහුගේ නව බිරිඳ කැරී සිමොන්ඩ්ස් හමුවීමටත්, දෙවැනි එලිසබත් මහ රැජින හමුවීමටත් නියමිතය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS