ජනපති ධුරයෙන් ඉවත් වෙනවා - සෙලෙන්ස්කී
යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවන්නේ නම්, සාමය උදාවන්නේ නම්, ඕනෑම වේලාවක තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ.
“යුක්රේනයට නේටෝ සාමාජිකත්වය හිමිවන්නේ නම්, සාමය වෙනුවෙන් තමන් ඕනෑම මොහොතක ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සූදානම්’ යැයි සෙලෙන්ස්කී පැහැදිලි කර ඇත.
යුක්රේන රුසියන් යුද්ධයට මේ වනවිට වසර තුනක් ගත වී ඇත. යුද්ධය ආරම්භ වීමට හේතුව, යුක්රේනය, නේටෝ සාමාජිකත්වය ඉල්ලීමය. ‘නේටෝ’ යනු යුද සන්ධානයකි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ‘නේටෝ’ සංවිධානය පිහිටුවා ඇත්තේ රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමටය.
යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවීම, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයකි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රිටාමාර්ගයක් අනුගමනය කළේ එහෙයිනි.
(ඒ.එෆ්.පී.)