ජනපති ට්‍රම්ප්ට එරෙහි පරීක්ෂණයක්

නීතියට බාධා කරමින්, බලතල අනිසි ලෙස භාවිත කළේ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නීති කමිටුව පවසයි.
ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂයටය. ජනපති ට්‍රම්ප්ගේ තීන්දු තීරණ සම්බන්ධයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් දැඩි විරෝධයක් එල්ල වන්නේ ද එහෙයිනි.
නියෝජිත මන්ත්‍රී මණ්ඩල නීති කමිටුවේ ප්‍රධානී ජැරොල්ඞ් නැඞ්ලර් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ජනපති ට්‍රම්ප් නීතියට බාධා කිරීම සහ බලතල අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 60 දෙනකුගෙන් සහ ආයතන රැසකින් අදාල විස්තර වාර්තා ලබා ගෙන ඇති බවය.
‘ජනපති ට්‍රම්ප් සිය බලතල අනිසි ලෙස භාවිත කර ඇති බව පැහැදිලියි. අප ඒක ඔප්පු කරන්නයි හදන්නේ. කෙසේ නමුත් ජනපතිවරයාට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒමට එම චෝදනා ප්‍රමාණවත්දැයි සැක සහිතයි.’ යැයි ද නීති කමිටු ප්‍රධානී ජැරොල්ඞ් නැඞ්ලර් මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පවසා ඇත.
වොෂින්ටනයේදීය (රොයිටර්ස්)

