චෝදනා ප්‍රතික්ෂේප කරයි



ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ එල්ල කරන පදනම් විරහිත චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඞ්හැනොම් ගෙබි්‍රයේසිස් ඊයේ (24) පැහැදිලි කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ එහි ප්‍රධානියාට ඇමෙරිකාවෙන් චෝදනා එල්ල වන්නේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙනි.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ, පෙරේදා (23) චෝදනා කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් බවත්, ප්‍රධානී ගෙබි්‍රයේසිස් චීනයෙන් මුදල් ලබා ගෙන වයිරසයේ සැබෑ බිහිසුණු ස්වරූපය ලොවෙන් වසං කළ බවත්ය.

චීනයෙන් ‘කොවිඞ් 19’ වයිරසය හිස ඔසවද්දී, ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ වගකීම් ඉටු කරමින්, නිසි අනතුරු ඇඟවීම් කළේ නම්, ඇමෙරිකාවේ ‘කොවිඞ් 19’ වයිරසය ඉහවහා නොයනු ඇති බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා තිබේ.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS