චෙන්නායි නුවරට මහ වැසි

ඇද හැළෙන මහ වැසි හේතුවෙන්, චෙන්නායි නුවර ප්‍රදේශ රැසක් යටවීමත්, මාර්ග අවහිරවීමත් සමඟ පාසල් වසා දැමීමට තමිල්නාඩු ප්‍රාන්ත බලධාරීහු තීරණය කළහ.
ඉන්දීය කාලගුණ විද්‍යාඥයන් අනතුරු ඇඟවීම් කර ඇත්තේ ඉදිරි දින කිහිපය පුරාවට අධික වර්ෂාවක් අපේක්ෂා කළ හැකි බවය. පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන වසා දැමීමට බලධාරීන් පියවර ගත්තේ ඒ අනුවය.
අධික වර්ෂාපතනය හේතුවෙන් කන්චීපුරම්, තිරුවලූර්, පුඞ්ඩචෙරි යන නගරවලට ද ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බවත්, ගමනා ගමන කටයුතු මුළුමනින්ම අඩාල වී ඇති බවත් පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

