චීනයේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ඉහවහා යයි

චීනයේ ෂෙන්සෙන් නගරයේ ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය ඉතා දරුණු අන්දමින් සිදුවන බවත්, නගරයේ මිලියන 13 ක් පදිංචිකරුවන් සියලු දෙනා ‘කොවිඩ් 19’ පරීක්ෂණ වෙත යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇති බවත් චීන මාධ්‍ය වාර්තා කර තිබේ.
ෂෙන්සෙන් නගරයේ ව්‍යාප්ත වෙමින් පවතින්නේ ‘ඔමික්‍රෝන්’ විකෘති ප්‍රභේදය යැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. ෂෙන්සෙන් නගරය මුළුමනින්ම ලොක්ඩවුන් කර ඇති බවත්, කිසිවකුට නගරයෙන් පිටවීමට හෝ ඇතුළුවීමට හෝ අවසර නොදෙන බවත් පැවැසෙයි.
(රොයිටර්)

