චීනයේ වායු දූෂණය අඩුවෙලා

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තවීමත් සමඟ චීනයේ ඉහවහා ගොස් තිබුණු වායු දූෂණය ඉතා අඩු මට්ටමකට පත්වී ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පෙන්වා දෙයි.
ඇමෙරිකාවේ නාසා ආයතනය මෙසේ පෙන්වා දෙන්නේ ඔවුන්ගේ චන්ද්රිතාවලින් ලබා ගත් දත්ත අනුවය. චීනය වායු දූෂණය ඉහවහා ගිය කාර්මික නගර රැසකින් සමන්විත රටකි.
වයිරසය හේතුවෙන් කර්මාන්ත ශාලා වැසී ගොස් ඇති අතර ජනතාව නිවෙස්වලට සීමා වී ඇත. මාර්ගවල මෝටර් රථ ධාවනයක් ද සිදු නොවන බව පැවැසෙයි. වායු දූෂණය ඉතා වේගවෙන් පහළ ගොස් ඇත්තේ මේ නිසාය.
(අල් ජසීරා)

