චීනයේ බෙයිජීං අගනුවරට වසර 140 කට පසු මහ වැසි



‘ඩොක්සූරි’ සුළි කුණාටුවෙන් පසු චීනයට නොකඩවා මහ වැසි ඇද හැලෙයි. චීන කාලගුණ විද්‍යාඥයන් පැවැසුවේ, පසුගිය පැය 24 ඇතුළත එරට බෙයිජීං අගනුවරට මිලිමිටර් 744.8 ක වර්ෂාපතනයක් ලැබුණු බවය.

වසර 140 කට පසු බෙයිජීං අගනුවර ලැබුණු වැඩිම වර්ෂාපතය මෙය යැයි ද පැවැසෙයි. මීට පෙර වැඩිම වර්ෂාපතනයක් වාර්තා වූයේ 1891 වසරේ යැයි ද කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දී ඇත.

පළාත් රැසක් මේ වනවිට ජලයෙන් පටවී ඇති බවත් ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය ගණන 20 කි. තවත් 27 දෙනකු අතුරුදන් බව ද පැවැසෙයි.


RECOMMEND POSTS