චීනයේ බල්ලෝ පූසෝ සුරතල් සතුන් ලෙස නම් කෙරේ
බල්ලන් සහ බළලුන් සුරතල් සතුන් ලෙස නම් කිරීමට චීනය පියවර ගෙන ඇතැයි වාර්ත වේ. ඒ අනුව, ආහාර පිණිස මින් ඉදිරියට බල්ලන් සහ බළලුන් මරා දැමීම තහනම්ය.
චීන බලධාරීන් මෙසේ පියවර ගෙන ඇත්තේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙනි. වයිරසය චීනයේ ව්‍යාප්ත වෙද්දී සතුන් මැරීම සහ ආහාරයට ගැනීම තහනම් විය. එම තහනම මේවනවිට ලිහිල් වී ඇති නමුත් බල්ලන් සහ බළලුන් වෙනුවෙන් තහංචිය දිගටම ක්‍රියාත්මක වනු ඇති බවත් පැවැසෙයි.
බල්ලන් සහ බළලුන්ට ද රෝගය ආසාදනය වන බව තහවුරුවීම සැලකිල්ලට ගනිමින් චීන බලධාරීන් මෙම තීරණය ගත් බව පැවැසෙයි. චීනයේ පළාත් කිහිපයක බල්ලන් සහ බළලුන් ආහාරයට ගැනීම සිදුවෙයි. කොරෝනා වයිරස යනු සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන වයිරස වර්ගයකි. මෙම වයිරස පවුලේ නවතම සාමාජිකයා වන්නේ ‘කොවිඞ් 19’ වයිරසයයි.
බීජීංහිදීය (රොයිටර්)

