චීනයේ දෛනික ‘කොවිඞ්’ ආසාදිතයන් ගණන ඉහළට



චීනයේ දෛනික ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන දිනෙන් දින ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

ගතවුණු පැය 24 ඇතුළත චීනයෙන් වාර්තා වුණු ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 31,454 කි. එයින් 27,517 දෙනකු කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන ආසාදිතයන්ය.

චීනය ‘කොවිඞ් 19’ මර්දනය කිරීමට දලදඩු සෞඛ්‍ය නීති ක්‍රියාවට නංවා තිබේ.

එම නීති අනුව, කිසියම් පළාතක හෝ නගරයක හෝ ආසාදිතයකු හමුවූ සැණින්, එම නගරය සහ පළාත මුළුමනින්ම ලොක්ඩවුන් කර සියලු දෙනා ‘කොවිඞ් 19’ පරීක්ෂණ සඳහා යොමු කෙරේ.

(රොයිටර්)


RECOMMEND POSTS