චීනයෙන් ආ යුක්රේන වැසියන්ට ගල් ගහලා



යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මැදිහත් වී, චීනයේ වූහාන් නුවර සිට ආපසු ගෙන්වා ගත් යුක්රේන ජාතිකයන් පිරිසකට ගල් ප්‍රහාරයක් එල්ල වූ බව වාර්තා වේ.

යුක්රේනයට ගෙන්වා ගත් පිරිස බස් රථවලින් නිරෝධායන මධ්‍යස්ථන වෙත යැවීමට යුක්රේන රජය කටයුතු කළ අතර, ගල් ප්‍රහාර එල්ල වී ඇත්තේ එම බස් රථ පෙළටය. ඊට හේතුව වී ඇත්තේ එම පිරිස නිසා යුක්රේනයේ වයිරසය පැතිරේවි යැයි බියක් හට ගැනීමෙනි.

‘යුක්රේනය යුරෝපයේ කොටසක් යැයි අප මහත් ආඩම්බරයෙන් කියනවා. ඒත් ඒක එහෙම නොවෙයි. අප තවමත් ඉන්නේ ගල් යුගයේ බව මේ ප්‍රහාරයෙන් පැහැදිලියි’ යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී එල්ල වුණු එම ගල් ප්‍රහාරය සම්බන්ධයෙන් පිළිකුළ පළ කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS