චීනයට විරෝධයක්



චීනයේ කෙණෙහිලිකම්වලින් මිදී, ඇමෙරිකාවේ සහ මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ටිබෙට් සහ උයිගුර් මුස්ලිම් සුළු ජාතිකයෝ චීන ජාතික දිනය යෙදී තිබුණු ඔක්තෝබර් පළමු වැනිදා විරෝධතා පැවැත්වූහ.

චීන ධජ ගිනිබත් කරමින් මෙම විරෝධතා පැවැත්වූයේ චීන කොමියුනිස්ට් පක්ෂ රජයට සිය අප්‍රසාදය පළ කරමිනි.

ටිබෙටයේ පළාත් අල්ලා ගනිමින් එම වැසියන්ට එල්ල වන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් පමණක් නොව, උයිගුර් මුස්ලිම් සුළු ජාතිකයන්ට එල්ල වන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැකීමේ සංවිධාන චීනයට චෝදනා කර තිබේ.

(ANI news ඇසුරිනි)


RECOMMEND POSTS