චීනය ’ඩෙල්ටා’ පැතිරීම වළක්වා ගනී



'කොවිඩ් 19 ඩෙල්ටා' විකෘතිය පාලනය කර ගැනීමට චීන සෞඛ්‍ය අංශ සමත් වී ඇති බවත් පසුගිය ජූලි මාසයෙන් පසු කිසිදු නව ආසාදිතයකු වාර්තා වී නැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

'ඩෙල්ටා' විකෘතිය ආරම්භ වීමට පටන් ගත්තේ චීනයේ නැංජින්ග් නගරයේ ගුවන්තොටුපොළ කේන්ද්‍රකොට ගනිමිනි. පළමු ආසාදිතයන් හමුවී දින කීපයක් යද්දී, පළාත් සහ නගර රැසකින් ආසාදිතයන් වාර්තා විය. 'කොවිඩ් 19' වයිරසයේ ආරම්භය සිදුවුනු වූහාන් නුවරින් පවා මාස ගණනාවකට පසු ආසාදිතයන් හමුවිය.

කෙසේ නමුත්, පළාත් සහ නගර සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කළ සියලුම දෙනා කොරෝනා ආසාදිතයන්දැයි සෙවීමේ පරීක්ෂණවලට ලක් කර ආසාදිතයන් හඳුනා ගැනීම සහ ඔවුන් සමාජයෙන් වෙන් කිරීම කඩිනමින් සිදු කෙරුණි. චීන සෞඛ්‍ය බලධාරීන් වයිරස ව්‍යාප්තිය පාලනය කර ගත්තේ ඒ අනුවය. 'ඩෙල්ටා' විකෘතිය හේතුවෙන් චීනයේ පළාත් 31 කින්, රෝගීන් 1,200 දෙනකු වාර්තා වී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS