චීනය රුසියාවට උදවු කිරීම වරදක්



යුක්රේන රුසියන් අර්බුදයේ දී, චීනය රුසියාවට සහාය දෙමින්, රුසියාවට පක්ෂපාතීව කටයුතු කිරීම බරපතල වරදක් යැයි ඇමෙරිකාව චෝදනා නගයි.

චීනය, රුසියන් යුක්රේන යුද්ධයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට පක්ෂපාතීව කටයුතු කිරීම, ඓතිහාසික වරදක් වනු ඇති බව ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙසේ නිවේදනය කළේ චීන ජනාධිපති ෂී ජින් පින්, රුසියාවට සහාය දක්වමින් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමිනි. රුසියාව හරට ස්වෛරීත්වය සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම සාධාරණ යැයි චීන ජනාධිපති ජින්පින් ප්‍රකාශ කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS