චීන සංචාරකයන්ට ගුවන් තොටුපලේදී වීසා



 

 

ඩුබායි (යූ.ඒ.ඊ.)

සංචාරක ව්‍යාපාරය නැංවීමේ පියවරක් වශයෙන් චීන සංචාරකයන්ට තම රටට පැමිණි පසු ගුවන් තොටුපලේදී වීසා නිකුත් කිරීමේ ක්‍රමය අනුගමනය කරන බව එක්සත් අරාබි එමීර් ජනරජයේ අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ලෝකයේ දෙවැනි විශාල ආර්ථිකයට හිමිකම් කියන චීනයේ ධනවත් හා නාගරික මධ්‍යම පංතියක් නිර්මාණය වී ඇති අතර  ඔවුහු කලින්ට වඩා දැන් විදේශ සංචාරවල නිරතවෙති.

‘චීන සංචාරකයන්ට අප රටට පැමිණීමේදී ගුවන් තොටුපලවලදී වීසා නිකුත් කිරීමේ තීරණයක් අපි අනුමත කළා. චීනය සමග අපට ඇත්තේ උපායශීලී හා ප්‍රමුඛ සම්බන්ධතාවක්.“ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් අගමැති ෂෙයික් මොහමඩ් බින් රෂීඩ් අල් මැක්ටූම් සිය ට්විටර් ගිනුමේ සටහනක් තබා ඇත.

චීන සංචාරකයන් මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණීමට පෙර වීසා ලබාගත යුතුව තිබුණි.

සිය රට කලාපයේ සංචාරක හා වෙළෙඳ මධ්‍යස්ථානයක් කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය මීට දශක කිහිපයකට පෙර ඩොලර් බිලියන ගණනක් ආයෝජන කළේය.


RECOMMEND POSTS