චීන විදේශ ඇමැති ඇමෙරිකාවේ සංචාරයක



චීන විදේශ අමාත්‍ය වැංග් ඊ, තෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවට පැමිණීමට නියමිතය අතර, චීන විදේශ අමාත්‍යවරයා සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතරේ සාකච්ඡා පැවැත්වෙයි.

චීන විදේශ අමාත්‍යවරයා ඇමෙරිකාවට පැමිණෙන්නේ, ඇමෙරිකාවත් චීනයත් අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී පවතින අවස්ථාවකදීය.

සංචාරයේ අරමුණ වනු ඇත්තේ ද එම අර්බුදකාරී තත්ත්වය සමතයකට පත් කර ගැනීම යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කලාපීය මෙන්ම ගෝලීය අර්බුද සම්බන්ධයෙන් ද වැංග් ඊ සහ ඇන්තනි බ්ලින්කන් අතරේ සාකච්ඡා පැවැත්වෙනු ඇත.


RECOMMEND POSTS