චීන යානය සඳට ගොඩබායි



සඳෙන් පස් රැගෙන ඒමට යැවුණු ‘චැංග්ඊ 5’ නමැති චීන රොබෝ යානය ඊයේ (2) සැලැසුම් කළ පරිදි ඉතා සාර්ථකව සඳ මතුපිටට පතිත කළේය.

සඳෙන් පස් රැගෙන ඒමට මේ අයුරින් රොබෝ යානයක්, සඳට යැවුණේ වසර 45 කට පසුවය. මීට පෙර මෙවැනි වික්‍රම සිදු කර ඇත්තේ, ඇමෙරිකාව සහ සෝවියට් රුසියාවය.

‘චැංග්ඊ 5’ යානය පෘථිවි කක්ෂයට තල්ලු කර හැරීම සිදුවූයේ පසුගිය 24 වැනිදාය. ඒ, චීන ඉන්ජිනේරුවන්ගේ විස්කමක් ලෙස සැලකෙන ලෝන්ග් මාර්ච් 5 අධි බලැති රොකට්ටුවේ ආධාරයෙනි. 

චීනය ‘චැංග්ඊ’ යන නමින් මෙම රොබෝ යානය නම් කර ඇත්තේ  චීන සඳ දෙවඟන වන ‘චැංග්ඊ’ සිහි ගන්වමිනි.

බීජීංහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS