චීන භූමි කම්පාවෙන් මියගිය ගණන 110 ක්



රික්ටර් පරිමාණයේ ඒකක 6.9 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකිනක් වයඹදිග චීනය කැලැඹිණි. භූමි කම්පාවෙන් මියගිය ගණන 110 ක් බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් චීන රජය පැවැසීය.

නිවාස සහ ගොඩනැගිලි රැසක් බිමට සමතලා වී ඇති බවත්, සුන්බුන් අතරේ බොහෝ දෙනකු සිරවී සිටින බවත් දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි.

භූමි කම්පාවෙන් 500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද පැවැසෙයි. විපතට පත්වූවන්ට සහන ලබා දෙන ලෙසත්, සුන්බුන් අතරේ සිරවූවාන් මුදා ගැනීම කඩිනම් කරන ලෙසත් චීන ජනාධිපති ෂී ජින්පින් උපදෙස් දී තිබේ.

භූමි කම්පාව හේතුවෙන් හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරුණි. භූමි කම්පාවේ බලපෑම් එල්ල වූයේ ක්විංග්හායි පළාතටය. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය ලැන්සූ නගරයට නුදුරින් යැයි පැවැසෙයි. භූමි කම්පාවෙන් වැඩිපුරම හානි සිදුවී ඇත්තේ හයිඩොංග් නගරයටය.

බටහිර චීනය පිහිටා ඇත්තේ භූ තැටි මායිමට ඉහළින් ඉහළිනි. එබැවින්, භූමි කම්පා හට ගැනීම සුලබය. ඉතිහාසය පුරාවට භූමි කම්පාවලින් දරුණු හානි සිදුවී ඇත්තේ චීනයේ සිචුවාන් පළාතටය.

2022 දී, සිචුවාන් පළාත රික්ටර් පරිමාණයේ ඒකක 6.6 ක ප්‍රබලත්වයකින් යුත් භූමි කම්පාවකින් කැලැඹිණි. එම භූමි කම්පාවෙන් මියගිය ගණන 100 කි. 2008 දී සිෂුවාන් පළාත රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක භූමි කම්පාවකින් කැලැඹුණි. එයින් මියගිය ගණන 87,000 කි. ඔවුන් අතර කුඩා දරුවන් 5,335 ක් සිටින බව පැවැසිණි. චීනය මුහුණ දුන් දරුණුතම භූමි කම්පාව හටගත්තේ 1976 වසරේදීය. එම භූමි කම්පාවෙන් මියගිය ගණන 2,42,000 කි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS