චීන නියෝජිතයෙක් යුක්රේනයට



රුසියන් යුක්රේන අර්බුදයට චීව රජය මැදිහත් වී සාම සැලැස්මක් සකස් කර ඇති අතර, එම සාම සැලැස්ම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට, චීන රජයේ විශේෂ නියෝජිත ලී හුයි යුක්රේනයේ කීව් අගනුවරට පැමිණීමට නියමිතය.

චීන රජයේ විශේෂ නියෝජිත ලී හුයි යුක්රේනයේ පමණක් නොව, පෝලන්තයේ, ජර්මනියේ සහ ප්‍රංශයේ ද සංචාරය කරනු ඇති බවත් එම රටවල් සමඟ ද රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් වාර්තා වේ. පෝලන්තය, ජර්මනිය සහ ප්‍රංශය යනු රුසියන් යුක්රේන අර්බුදයේ දී යුක්රේනයට සහාය දක්වන බටහිර රටවල්ය.

යුක්රේනයේත් සෙසු බටහිර රටවලත් සංචාරය කිරීමෙන් පසු ලී හුයි අවසන් වශයෙන් රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණෙනු ඇති බවත් ඉන්පසු රුසියන් රජය සමඟ සාම සැලැස්ම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS