චීන ජනපති ඇමෙරිකාවේ



ඇමෙරිකාව සමඟ පවතින නොහොඳ නෝක්කඩු සමථයකට පත් කර ගනිමින්, ද්වී පාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේ ද අරමුණින්, චීන ජනාධිපති ෂී ජින්පින් ඇමෙරිකාවට පැමිණියේය.

චීන ජනාධිපතිවරයා ඇමෙරිකා බලා පැමිණියේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ විශේෂ ඇරැයුමක් පිළිගනිමිනි. ජනාධිපති ජින්පින් ඇමෙරිකාවට පැමිණියේ වසර 6 කට පසුවය.

ඇමෙරිකා ජනාධිපති බයිඩන් හමුවීමට පෙර, සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත්වෙන 21 වැනි ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට ද චීන ජනාධිපතිවරයා සහභාගී වනු ඇත.

ඇමෙරිකාවත් චීනයත් අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුද රැසක් නිර්මාණය වූයේ බයිඩන්ට පෙර, ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ධුරය හොබවද්දීය. ට්‍රම්ප් රජය, චීනයට තීරු බදු පැනැවීමක් කළ අතර, චීනයේ වෙළෙඳ කටයුතුවලට සම්බාධක පැනැවීය. චීනය ද පෙරළා ඊට එකටඑක කිරීමක් ලෙස ඇමෙරිකාවට තීරු බදු පනවමින් සම්බාධක පැනැවීමක් කළේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS