චීන කොරෝනා විහිළුවට ගත්තැයි අර්බුදයක්

චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරෙන නව කොරෝනා වයිරසය පිළිබඳ ඩෙන්මාර්ක පුවත්පතක පළ වූ කාටූනය මුල්කොට ගනිමින් ආන්දෝලනයක් හටගෙන ඇත.
කාටූනයට විරෝධය දක්වමින් කාටූනය සම්බන්ධයෙන් ‘යුලැන්ද් පෝස්ටන්’ නමැති එම දිනපතා පුවත්පත චීනයෙන් සමාව ඉල්ලීමක් කළ යුතු යැයි ප්රකාශ කර ඇත්තේ ඩෙන්මාර්කයේ චීන තානාපති කාර්යාලයයි.
චීන තානාපති කාර්යාලය විරෝධය දක්වමින් පළ කළ නිවේදනයෙහි දැක්වෙන්නේ, නෙයිල්ස් බෝ ජෙසෙන් නමැති කාටූන් ශිල්පියා නිර්මාණය කළ එම කාටූන්යෙන් චීනයට අපහාසයක් වන බවය. ‘යුලැන්ද් පෝස්ටන්’ පුවත්පත මෙන්ම කාටූන් ශිල්පියා ද ප්රසිද්ධියේ චීනයෙන් සමාව ඉල්ලීමක් කළ යුතු යැයි ඩෙන්මාර්ක චීන තානාපති කාර්යාලය පවසා ඇත.
මේ අතර ‘යුලැන්ද් පෝස්ටන්’ පුවත්පතේ කතුවරිය වන මෙටේ ෆෙඞ්රික්සන් පවසා ඇත්තේ තම කාටූන් ශිල්පියා හෝ තම පුවත්පත හෝ චීනයට අපහාස වන අයුරින් කිසිදු කාටූනයක් පළ නොකළ බවය.
ඩෙන්මාර්කයේ අදහස් ප්රකාශ කිරීමට නිදහස් ඇති බව පෙන්වා දෙමින්, කතුවරිය අවධාරණය කළේ තම පුවත්පත හෝ තම කාටූන් ශිල්පියා හෝ චීනයෙන් සමාව ඉල්ලීමක් නොකරන බවය.
කෝපන්හේගන්හිදීය (ඒ.එෆ්.පී.)

