චීන කොමියුනිස්ට් පක්ෂයට වසර 100 යි



චීනයට නායකත්වය ලබා දෙන චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවාගෙන වසර 100 ක් සපිරීම නිමිත්තෙන් අද (1) බෙයිජීං අගනුවර කේන්ද්‍ර කොට ගනිමින් සැමරුම් අති උත්කර්ෂවත් උත්සවයක් පැවැත්විණි.

බෙයිජිං අගනුවර ටියැන්අන්මෙන් චතුරශ්‍රයේදී, සැමරුම් උත්සවය පැවැත්වූයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති මෙන්ම චීන ජනාධිපතිවරයා ද වන ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙනි.

දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද චීන කොමියුනිස්ට් පක්ෂයට එල්ල වන අභියෝග ජය ගනිමින් ඉදිරියට යන ගමන අඩාල නොවන බවත්, දෙස් විදෙස් කිසිවකුගේ තර්ජනවලට හෝ මැරකම්වලට හෝ හිස නොනමන බවත්, සැමරුම් උත්සවයට සහභාගී වෙමින්, ජාතිය අමතමින් ජනාධිපති ජින්පිං පැවැසීය.

චීන කොමිනියුස්ට් පක්ෂයේ තරුණ ලීගය සහ යොවුන් ඉදිරි පෙළේ නියෝජිතයෝ සමූහයක් වශයෙන් සුබ පැතුම් පිරිනැමීමට ටියැන්අන්මෙන් චතුරශ්‍රයේදීට පෙළ ගැනී සිටියහ. ඊට අමතරව, චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෝ මෙන්ම චීන වැසියන් 70,000 කට අධික පිරිසක් ද සැමරුමට සහභාගී වූහ.

චීනයේ විවිධ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නියෝජිතයන්, චීන කර්මාන්ත හා වාණිජ සම්මේලන සාමාජිකයන් ද සැමරුම් උත්සවයට සහභාගී වූයේ කොමියුනිස්ට් පක්ෂයට සුබ පතමිනි.

(රොයිටර්)


RECOMMEND POSTS