චිලී රටේ ළැව් ගිනි නගරයකට පැතිරෙයි

ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ හටගත් ළැව් ගිනි එරට වැල්පැරැයිසෝ නමැති නගරයට පැතිර ගිය බවත්, නිවාස 150 කට වැඩි ප්‍රමාණයක් ගින්නට හසුවී විනශ වූ බවත් වාර්තා විය.
ළැව් ගිනි හටගත්තේ වැල්පැරැයිසෝ නගරයට ඔබ්බෙන් වනාන්තරයේය. වියළි කාලගුණය සහ වියළි සුළං හේතුවෙන් ළැව් ගිනි නගරයට පැතිර ගියේය. නගරයේ රොකලන්ට් සහ සැන් රෝක් නමැති චතුරස්‍ර ළැව් ගින්නෙන් විනාශ වූ බව ද පැවැසිණි.
නගර වැසියෝ දහස් ගණනක් කඩිනමින් ආරක්ෂක ස්ථාන වෙත යොමු කිරීම පොලිසියේත් හමුදාවේත් මැදිහත් වීමෙන් සිදුවිය. ළැව් ගිනි නිවාසවලට පැතිරෙද්දී නිවාස 90,000 ක විදුලිය විසන්ධි කිරීමට බලධාරීහු පියවර ගත්හ.
වැල්පැරැයිසෝ යනු චිලී රටේ ප්‍රසිද්ධ සංචාරක ආකර්ශණයයි. නගරය ආසන්නයේ ඇති තණ බිම් හෙක්ටයාර් 120 ක් ළැව් ගිනි හේතුවෙන් මුළුමනින්ම විනාශ වූ බව පැවැසෙයි. ළැව් ගිනි පාලනය කිරීමට ගිනි නිවන භටයන් වෙහෙසෙන නමුත් එය අසීරු වී ඇතැයි චිලී පුවත් සේවා වාර්තා කළේය.
වැල්පැරැයිසෝ (රොයිටර්)

