චාල්ස් රජුගේ රුව සහිත කාසි නිකුත් කිරීම ඇරැඹේ



තෙවැනි චාල්ස් රජුගේ රුව සහිත කාසි සහ නෝට්ටු නිකුත් කිරීම ආරම්භ කළ බව බි්‍රතාන්‍ය රාජකීය කාසි නිෂ්පාදනාගාරය නිවේදනය කර තිබේ.

රජුගේ රුව කාසිවලටත් මුදල් නෝට්ටුවලටත් යොදා ගැනෙන්නේ, තෙවැනි චාල්ස් රජුගේ මෑණියන් වන දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවය හේතුවෙනි. බි්‍රතාන්‍ය කාසිවලට සහ නෝට්ටුවලට රජ කෙනකුගේ රුව ඇතුළත් වන්නේ 1952 වසරෙන් පසුවය.

තෙවැනි චාල්ස් රජුගේ රුව සහිතව කාසි සහ නෝට්ටු නිකුත් කිරීම සිදුවන්නේ දෙවැනි එලිසබත් මවු රැජිනගේ රුව සහිත කාසි සහ නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමෙන් පසුවය.

(රොයිටර්)


RECOMMEND POSTS