චන්ද්‍රයාන්ට සඳෙන් ගෙන්දගම් හමුවෙලා



‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුමට අයත් ‘ප්‍රාග්යාන්’ නමැති රොබෝ රෝවර් යානයට, සඳ මතුපිට තිබී සල්ෆර් හෙවත් ගෙන්දගම් හමුවී ඇතැයි ඉන්දීය අභ්‍යවකාශ ආයතනය හෙවත් ‘ඉස්රෝ’ විද්‍යාඥයෝ පවසති.

සල්ෆර් යනු අලෝහ මූලද්‍රව්‍යයකි. ‘චන්ද්‍රයාන් 2 වික්‍රම්’ රොබෝ යානයත් ‘ප්‍රාග්යාන්’ රෝවර් යානයත් පතිත කෙරුණේ, සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකටය. සඳුගේ දක්ෂිණ ධ්‍රැවයෙන් පස්වල තිබී සල්ෆර් හමුවුණු පළමු අවස්ථාව මෙයයි.

‘ප්‍රාග්යාන්’ රෝවර් යානය, සංවේදකවලින් සමන්විතය. සඳ මතුපිට එහෙමෙහෙ යමින්, ‘ප්‍රාග්යාන්’ රෝවරය ගවේෂණ කටයුතු සිදු කරයි.
ඉන්දීය විද්‍යාඥයන් වැඩි දුරටක් පැහැදිලි කර ඇත්තේ ගෙන්දගම්වලට අමතරව, ‘ප්‍රාග්යාන්’ රෝවර් යානයට තවත් අමුද්‍රව්‍ය කීපයක් ද හමුවී ඇති බවය.


RECOMMEND POSTS