ගෝලීය සාමයටත් ආරක්ෂාවටත් තර්ජනයක්
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ගෝලීය සාමයටත් ආරක්ෂාවටත් තර්ජනයක් බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් පවසයි.
වයිරසය ලොව පුරා ව්‍යාප්තවීමත්, විවිධ රටවල් වයිරසය ව්‍යාප්තියට ගත් විවිධ ක්‍රමවේද හේතුවෙන් සමාජීය නොසන්සුන්තා නිර්මාණය වී ඇති බවත් මෙය ගෝලීය සාමයටත් ආරක්ෂාවටත් තර්ජනයක් බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පෙන්වා දී ඇත.
මෙම අවස්ථාවේ සෑම කෙනකුගේම ප්‍රමුඛතාව හිමිවිය යුත්තේ වයිරසය මර්දනය කිරීම කෙරෙහි යැයි ජගත් මහ ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත.
(රොයිටර්)

